ගම්පහ සියලු‍ම උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ගම්පහ සියලු‍ම උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට

ගම්පහ සියලු‍ම උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට

ගම්පහ නගරයේ ඇති සියලු පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර ඇත.

 

ඒ උපකාරක පන්තියක වැසිකිළියක් තුළ කැමරාවක් හමුවීමේ සිද්ධියක් පිළිබඳව රටේම අවධානය යොමුවීමත් සමඟයි.

 

අදාළ සිදුවීම වාර්තාවූයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය උපකාරක පන්තියකිනි.

 

මේ අනුව ඊයේ (18) දිනයේ ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබූ අතර එහිදී ළමුන් විශාල පිරිසක් සහභාගීවන පන්ති දෙකක වැසිකිළිවල ආරක්ෂාව අවම බවට අනාවරණය වී තිබුණි.

 

එක් පන්තියක පඩිපෙළ ඔස්සේ ඉහළට ගමන් කිරීමේදී වැසිකිළිය පෙනෙන ආකාරයෙක් සකස්වී ඇති බවට නිරීක්ෂණය වී තිබුණි.

 

ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන්, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම හදිසි සෝදිසිය සඳහා සහභාගී විය.

views

674 Views

Comments

arrow-up