ගංගාරාම නවම් මහා පෙරහර 15-16 දිනවල

වසර මුළුල්ලේ සමාජයට වැඩදායි ආගමික, සංස්කෘතික, සමාජ සහ අධ්‍යාපනික සේවා සපයන කොළඹ පිහිටි ප්‍රධාන බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් වන ගංගාරාම විහාරයේ 43 වැනි නවම් මහා පෙරහර ලබන 15 සහ 16 දෙදින රාත්‍රි 7.00ට වීදි සංචාරය කෙරේ.
1970 දශකයේ අගභාගයේ මේ පෙරහර ආරම්භ වන විට ජනතාව සහනයෙන් සිටි යුගයක් නොවූවත් මේ පෙරහර එවකට ඔවුන්ගේ සිත්වලට අස්වැසිල්ලක් ගෙන ආ කටයුත්තක් විය. 1979 මුලින්ම පෙරහර ආරම්භ කරන විට එය සාම්ප්‍රදායික ශිල්පීන් අතළොස්සකගෙන් සමන්විත විය. එහෙත් අද වන විට කසකරුවන්, ගිනිබෝල කරකවන්නන්, කොඩි සේසත් දරන්නන්, අලංකාර අලි ඇතුන්, සාම්ප්‍රදායික උඩරට, පහත රට සහ සබරගමු නර්තන අංග, බෙරකරුවන්, නලාකරුවන් ආදි නොයෙක් සංස්කෘතිකාංග රැසක්ම එහි අඩංගුව පවතියි. මේ පෙරහරේ ආවේණික විශේෂත්වය වන්නේ භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් ද එහි වැඩම කිරීමයි.
726 Views
Comments