තත්ත්වය තවත් දරුණු වෙයි -යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක්ම දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

තත්ත්වය තවත් දරුණු වෙයි -යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක්ම දැනුම් දෙයි

තත්ත්වය තවත් දරුණු වෙයි -යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක්ම දැනුම් දෙයි

යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක්ම යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.

 

ඒ, රුසියාව විසින් කොයි මොහොතකදී හෝ යුක්රේනය ආක්‍රමණය කරන බවට අමෙරිකාව දිගින් දිගටම අනතුරු අගවමින් ඇති පසුබිමක් තුළයි.

 

ඒ අනුව ජර්මනිය යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී ඇත්තේ වහාම යුක්රේනයෙන් පිටවන ලෙසයි.

 

මේ අතර කැනඩාව ද යුක්රේනයේ ස්ථාපිත කැනේඩියානු තානාපති කාර්යාලයේ සිටින සිය සේවක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

ඊට අමතරව ඔස්ට්‍රේලියාව , ඉතාලිය, ඊශ්‍රායලය හා ජපානය ද යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී ඇත්තේ වහාම යුක්රේනයෙන් පිටවන ලෙසයි.

 

ඇතැම් රටවල් යුක්රේනයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුදාගැනීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

මේ අතර නෙදර්ලන්තයට අයත් ගුවන් සේවයක් ද යුක්රේනය වෙත සිදුකරන ගුවන් ගමන් වහාම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.

 

රුසියාවේ ක්‍රියාකලාපය උපුටා දක්වමින් යුද්ධයක පෙර නිමිති පෙන්වා යුක්රේනයෙන් ඉවත් වන ලෙස අමෙරිකාව පළමුව සිය රටවැසියන් දැනුම් දුන්නා. ඉන් අනතුරුව බි්‍රතාන්‍ය ද යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දුන්නේ වහාම යුක්රේනයෙන් ඉවත් වන ලෙසයි.

views

1073 Views

Comments

arrow-up