පිහි පහරකට ලක්වූ සිසුවිය රෝහලේදී සැකසහිත ලෙස මිය ගිහින්

කන්තලේ පේරමඩුව ගම්මානයේ ජීවත් වූ 15 හැවිරිදි පාසල් සිසුවියක් පසුගිය 01 වනදා පෙම්වතාගේ පිහි පහරට ලක්වී තිබුණි.
එදින කන්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඇයට සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බව තහවුරු විය.
කෙසේවෙතත් ඇය ඊයේ මියගිය බවට ඥාතීන්ට දැනුම් දී තිබුණි.
ඒ, දඹුල්ල මූලික රෝහල් බලධාරීන් විසිනි.
දැරියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා කරන්නේ තම දැරිය රෝහල්වලට මාරුකිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබූ බවයි.
දැරියගේ ඥාතියෙකු පැවසුවේ, "දැන් රෝහලෙන් කියනවා කොවිඩ් පොසිටිව් නිසා දේහය දෙන්න බෑ කියලා. ආදාහනය කළාට පස්සේ කොහොමද පරීක්ෂණ කරන්නේ. අපි අසරණ වෙලා ඉන්නේ."
1210 Views
Comments