තරඟයට ගෙනා පරවියන් 359කට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

තරඟයට ගෙනා පරවියන් 359කට වූ දේ

තරඟයට ගෙනා පරවියන් 359කට වූ දේ

පරවියන් ඇතිකරන්නන්ගේ සංගමයක් විසින් තරඟයක් සඳහා ගෙනැවිත් සිටි පරවියන් 359දෙනෙකු කරුවලගස්වැව වනජීවී නිලධාරීන් විසින් අද(30) පෙරවරුවේ සිය භාරයට ගෙන තිබුණි.

 

වනාතවිල්ලු‍ව, මයිලන්කුලම ප්‍රදේශය හරහා රැගෙන යමින් සිටි මෙම පරවියන් මුදාහැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කරනු ලැබීය.

 

ගෘහාශ්‍රිතව ඇතිකරන පරවියන් අභයභූමියක් ආසන්නයේ මුදාහැරීම වනජීවී පනත අනුව තහනම් බව එම නිලධාරීන් පැවසීය.

 

මෙලෙස නිදහස් කෙරුණු පරවියන් හිමිකරුවන් 60කගේ පමණ වන බව වාර්තා වෙයි.

 

වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ තරඟ සංවිධායකයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි.

views

711 Views

Comments

arrow-up