අද කාලගුණය

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්වය තවදුරටත් පවතී.
උදෑසන කාලයේදී තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ හෝ නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
672 Views
Comments