සත්දරු මව සහ දියණිය මරා පුලුස්සයි - අභිරහස් ඝාතනය සිදුවූ නිවස අසලින් මතුවූ දේවල් මෙන්න

මරා පුළුස්සන ලද බවට සැක කෙරෙන මවකගේ සහ දියණියකගේ මළසිරුරු දෙකක් කිළිනොච්චිය ධර්මපුරම් පුන්නයිරාවී ප්‍රදේශයේ නිවසක තිබී පසුගිය 22 වනදා ධර්මපුරම් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මෙලෙස මියගොස් තිබෙන්නේ දරුවන් 07 දෙනෙකුගේ මවක් වන 37 හැවිරිදි ආනන්දරාසා සීදේවි සහ ඇයගේ ලක්ෂිකා නමැති 17 හැවිරිදි දියණියයි.
කාන්තාවගේ සැමියා රැකියාවක් සඳහා පිටව ගොස් සිට ඇති අතර නිවසේ කාන්තාව සහ දියණිය පමණක් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
පොලිස් පරීක්ෂණවලදී දෙදෙනා මියගොස් පිළිස්සී සිටි ඉඩම අසල තිබී පිහියක්, පෙට්‍රල් බෝතලයක් සහ ජංගම දුරකතනයක්ද සොයා ගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මෙම මරණ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කොට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කොට තිබේ.
කිළිනොච්චිය ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
1183 Views
Comments