ගොවීන්ට සහය වීමට සෑම කුඹුරකටම හමුදාව දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

ගොවීන්ට සහය වීමට සෑම කුඹුරකටම හමුදාව දමයි

ගොවීන්ට සහය වීමට සෑම කුඹුරකටම හමුදාව දමයි

ඉදිරි යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස සහය දැක්වීමට රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියෙකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේය.

 


මෙරට කෘෂිකර්මය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් අනුව තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුධ හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලු‍ සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළේය.

 

කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු‍ කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

 

කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහාද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

views

698 Views

Comments

arrow-up