ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්

ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්

අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (28) නියෝග කළේය.

 

 

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 126 වගන්තිය ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩු වලින් අදාල චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

views

844 Views

Comments

arrow-up