පාකිස්තාන අධිකරණය ප්‍රියන්තට සාධාරණය ඉටුකරයි - එක් අයෙකු වසරකට හිරේ යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

පාකිස්තාන අධිකරණය ප්‍රියන්තට සාධාරණය ඉටුකරයි - එක් අයෙකු වසරකට හිරේ යවයි

පාකිස්තාන අධිකරණය ප්‍රියන්තට සාධාරණය ඉටුකරයි - එක් අයෙකු වසරකට හිරේ යවයි

පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමුවරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් විසින් ඊයේ(21) දිනයේ දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


 
ඒ අනුව පැවති නඩු විභාගයට අනුව විනිසුරුවරයා තීන්දුව ලබා දෙමින් චුදීතයා වරදකරු කළ අතර ඔහුට වසරක සිරදඬුවමක් හා රුපියල් 10000ක දඩයක්ද නියම කර ඇත.

 

අද්නාන් නමැති මෙම සැකකරු සියල්කොට් කම්හලේදී ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කළ අතර පසුව අධිකරණය හමුවේ තමා කළ අපරාධය පාපොච්චාරණය කර තිබුණි.

 

අපරාධයකට සහයෝගී වීමේ චෝදනාවට ඔහුට එරෙහිව සියල්කොට්හි රාංග්පුර් පොලිස් ස්ථානය විසින් නෙඩුවක් ගොනු කර ඇත.

views

881 Views

Comments

arrow-up