ලංකාවේ තත්වය හිතුවටත් වඩා දරුණුයි - ණය ශ්‍රේණිගත කිරීම් වලින් තවත් පහළට දමයි

විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව නිරූපණය කරන ෆිච් රේටින්ග් මගින් ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත කිරීම් වලින් පහත දමා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ long term foreign currency issuer default rating ශ්‍රේණිගත කිරීම CCC සිට CC දක්වා පහත දමා තිබෙනවා.
ෆිච් රේටින්ග් පවසන්නේ අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවත් විදේශ ණය ගෙවීම් හා සීමිත මූල්‍ය ගලා යාම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතාව අයහපත් අතට හැරෙමින් පවතින බවයි.
ඒ අනුව ඉදිරි මාස වල දී ණය පැහැර හැරීමට වැඩි සම්භාවිතාවක් පිළිබඳව ද ඔවුන් අනතුරු අඟවනවා.
1054 Views
Comments