ගැට කපන්නියක් වන “ඇල්පිටියේ දගරි” ඉමදූවේදී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ගැට කපන්නියක් වන “ඇල්පිටියේ දගරි” ඉමදූවේදී මාට්ටු

ගැට කපන්නියක් වන “ඇල්පිටියේ දගරි” ඉමදූවේදී මාට්ටු

මුදල් සොරකම් කිරීම් රැසකට සම්බන්ධ “ඇල්පිටියේ දගරි” යන නාමයෙන් හඳුන්වනු ලබන ගැටකපන්නියක් ගාල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 65 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාව ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ප්‍රසිද්ධ ගැටකපන්නියක් බව පොලිසිය සඳහන් කළේය. 

 

මෙම සැකකාරියට එරෙහිව මුදල් සොරකම් කිරීම සම්බන්ධව මතුගම, ඇල්පිටිය, කොළඹ, ගල්කිස්ස හා අලූත්ගම යන මහෙස්ත‍්‍රාත් අධිකරණවල විභාග වන නඩු පවතින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

ඇය ජනතාව රැස්වන ස්ථානවල රැඳී සිටිමින්, බස්රථවලට ගොඩවී කාන්තාවන්ගේ අත්බෑග්වල තිබූ මුදල් සොරකම්කොට ඇති බව පොලිසිය කියයි. පසුගිය දිනෙක මෙකී සැකකාරිය විසින් ඉමදූව නගරයේදී බස්රථයකට ගොඩවීමට සිටි කාන්තාවකගේ අත්බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 02 ක මුදලක් සොරකම්කොට තිබුණි.


අත්අඩංගුවට ගත් ගැටකපන්නිය අත්අඩංගුවට ගෙන ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

4880 Views

Comments

arrow-up