“සන්ෂයින් සුද්දා” ඝාතනයට යොදාගත් ගිනිඅවිය සොයාගනියි

දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් “සන්ෂයින් සුද්දා” ඝාතනය කිරීමට යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය මාතර කොටවිල හේන්වල ප්‍රදේශයෙන් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත හේන්වල ප්‍රදේශයේ ස්ථානයක මෙම ගිනි අවිය, මැගසිනය සහ පතරොම් ඊයේ(3) පස්වරුවේ සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය සැප්තැම්බර් මස(03) වැනි දින දික්වැල්ල කොටවිල ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දා නැමැත්තා වෙඩි තබා ඝාතනය කෙරුණි.
මෙම ඝාතනයේ සැකකරු වු ටින්කර් ලසන්ත නැමැත්තා ඉකුත් නොවැම්බර් මස(26) වැනි දින කළුතර උතුර ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී මිය ගොස් තිබේ.
733 Views
Comments