පාකිස්තාන අගමැතිගෙන් ජනපති කල ඉල්ලීම

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දක්වා තිබෙන්නේ එම පුවත අසා තමන් මහත් සංවේගයට පත්වූ බවයි.
එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමටම බලවත් කම්පනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහා යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතරම මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙසද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බවත් ජනාධිපතිවරයා පවසයි.
එම නිවේදනයේ වැඩිදුර තොරතුරු පහතින්
”පාකිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.”
”සිදුවීම සැලවූ වහාම ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටී.”
”කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියාකළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.”
”මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.”
679 Views
Comments