ඉතාලි යන්න හීන මවන අයට මෙන්න සුබම සුබ ආරංචියක්

මෙරට විශ්වවිද්‍යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහාය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරිය වන රීටා ජුලියානා මැන්නෙල්ලා මහත්මියගෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවක දී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී තානාපතිවරිය කියා සිටියේ, ඉතාලි භාෂා මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
එසේම, හෝටල් රැකියා සඳහා තරුණයන් පුහුණු කිරීමට කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මෙන්ම ඉතාලියේ හෝටල් ක්ෂේත්‍රයේ පවතින රැකියා පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.
316 Views
Comments