APR
18
මාරවිලදී විදේශිකයෝ කඹ අදිති - අවුරුදු කුමරිය රුසියාවෙන්

ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක විදෙස් ජාතිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මාරවිල තල්විල ක්ලබ් පාම් බේ හෝටලයේදී විදෙස් සංචාරකයින් වෙනුවෙන් අවුරුදු උත්සවයක් සංවිධානය කොට තිබිණි.
මෙම අවුරුදු උත්සවය තුළ විවිධ සංස්කෘතිකාංග, පාරම්පරික ජන ක්‍රීඩා රැසක් අන්තර්ගත වූ අතර සංචාරකයන් සඳහා දේශීය ආහාර වර්ගද එක් කර තිබුණි.
අවුරුදු කුමරිය තේරීමේ තරගය මෙහි කාගේත් සිත් ගත් අංගය වූ අතර මෙහිදී රුසියන් කාන්තාවක් අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවාය.
364 Views
Comments