IMF වැඩසටහන ගැන විවාදය අප්‍රේල් 25

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.
එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය ලබාදීම හෝ නොදීම තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවද ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති හමුවකදී ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර තිබේ.
210 Views
Comments