රත්නපුර පොලිස් ලොක්කෙක් එලවන්න දත කන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

රත්නපුර පොලිස් ලොක්කෙක් එලවන්න දත කන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුද?

රත්නපුර පොලිස් ලොක්කෙක්  එලවන්න දත කන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුද?

තමන් අපහසුතාවයට පත්වන ආකාරයට කතා කළේ යැයි රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව ස්ථාන මාරු කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනියක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

විනය විරෝධී චෝදනා මත පොලිස් කොස්තාපල්වරයෙකුට ලබා දුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් විමසීමට රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් දුන් බවත්, කිසිදු සවන් දීමකින් තොරව එම ඇමතුම විසන්ධි කළ බවත් ඇය විසින් ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා ඇත.

 

මීට පෙරද ජනතාව ඉදිරියේ තමන් අපහසුතාවයන්ට පත්වන ආකාරයට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත් ඇය දැනුම් දී තිබේ.

views

285 Views

Comments

arrow-up