පිරමිඩ ක්‍රමයට මුදල් ගැරූ ONMAX DT අධ්‍යක්ෂ මණ්ඩලයට වැඩ වරදී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලක් අනුව, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුව, ඇමරිකානු ඩොලර් කෝටි 10 ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන ONMAX DT නම් පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28) නියෝග කළේය.
මෙලෙස තහනම් නියෝග නිකුත් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාශාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයාන් යන අයට එරෙහිවයි.
එසේම, එම සැකකාර අධ්‍යක්ෂවරුන් සහ සමාගම සතු ගිණුම් 57 ක් අත්හිටුවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අදාල බැංකු ප්‍රධානීන් වෙත නියෝග නිකුත් කොට තිබෙන අතර, බැංකු පනතේ 83 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.
389 Views
Comments