ගලෙන්බිඳුණුවැව දී වන අලි පහරදීමකින් වනජීවී නිලධාරියෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

ගලෙන්බිඳුණුවැව දී වන අලි පහරදීමකින් වනජීවී නිලධාරියෙක් මරුට

ගලෙන්බිඳුණුවැව දී වන අලි පහරදීමකින් වනජීවී නිලධාරියෙක් මරුට

ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව, අඹකොළදෙණිය ප්‍රදේශයේ සැරිසැරූ වන අලි රංචුවක් පලවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටි ස්ථාන භාර වනජීවී නිලධාරියෙකු, අලියෙකු විසින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ මාතලේ පදිංචි දෙදරු පියෙක් වන අනුරාධපුර රිටිගල වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී පී. බී. ජේ විජේකෝන් මහතා බව සඳහන් වේ.

 

ඔහු ඊයේ සවස සිට තවත් නිලධාරීන් විස්සක් පමණ කැටුව අලි රංචුව පලවා හැරීමේ මෙහෙයුමට සහභාගි වී තිබූ අතර, මෙහෙයුම අතරතුර පැමිණි අලියෙකු මෙම පහරදීම සිදුකළ බව වනජීවී නිලධාරීන් පවසා සිටී.

 

මියගිය මෙම නිලධාරියාගේ දේහය මරණ පරීක්ෂණය සඳහා යකල්ල, හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
 

views

224 Views

Comments

arrow-up