පොලිස් කොස්තාපල්වරෙයෙකුට පහර දුන් පුත්තලම විශේෂ කාර්ය බලකායේ පිරිසක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

පොලිස් කොස්තාපල්වරෙයෙකුට පහර දුන් පුත්තලම විශේෂ කාර්ය බලකායේ පිරිසක් දැලේ

පොලිස් කොස්තාපල්වරෙයෙකුට පහර දුන් පුත්තලම විශේෂ කාර්ය බලකායේ පිරිසක් දැලේ

නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දී ත්‍රීරෝද රථයකින් රැගෙනගොස්, කනත්තක් අසල දමා ගිය බව කියන සිද්ධියකට පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම සිද්ධියට මොවුන් සොයමින් සිටියදී, ඊයේ දහවල් ආණමඩුව පොලිසියට පැමිණ භාර වී ඇති බව සඳහන් වේ.

 

පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිම කර යතුරුපැදියකින් සිය නිවස බලා පසුගිය 02 දා යමින් සිටියදී පිරිසක් ත්‍රීරෝද රථයකින් සහ යතුරු පැදියකින් පැමිණ නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම පහරදීම සිදු කර, කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමා ගොස් සිටියදී සොයා ගනු ලැබ තිබේ.

views

222 Views

Comments

arrow-up