හරක් කටාගේ තවත් කකුලක් මත්ද්‍රව්‍ය සමග අහංගමදී කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

හරක් කටාගේ තවත් කකුලක් මත්ද්‍රව්‍ය සමග අහංගමදී කොටු වෙයි

හරක් කටාගේ තවත් කකුලක් මත්ද්‍රව්‍ය සමග අහංගමදී කොටු වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකා කොක්මාදූව කඳවුර වෙත ලද තොරතුරකට අනුව අහංගම පොලිස් වසමේ කහඳ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානය අසල දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන පැලෑන පොඩි නුවන් නැමැති පුද්ගලයෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසා සිටී.

 

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක්, මුදලින් රුපියල් 35,000 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අහංගම පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බව සඳහන් වේ.

views

197 Views

Comments

arrow-up