රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය. මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව පාලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව විදේශ අමාත්‍ය නිලධාරීන් සඳහන් කර ඇති අතර, ඊට අදාල සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති බවත්, තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් සඳහන් කර සිටී.

views

238 Views

Comments

arrow-up