චාවකච්චේරියේදී අලවංගුවකින් පහර දී සාත්තු සේවකයෙක් මරා දමලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

චාවකච්චේරියේදී අලවංගුවකින් පහර දී සාත්තු සේවකයෙක් මරා දමලා

චාවකච්චේරියේදී අලවංගුවකින් පහර දී සාත්තු සේවකයෙක් මරා දමලා

චාවකච්චේරිය පොලිස් වසමේ මීසාලේ ප්‍රදේශයේදී පිහියකින් සහ අලවංගුවකින් පහරදී පෞද්ගලික රෝහල් සාත්තු සේවකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

 

 

ඊයේ (11) සවස් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි වියේ පසු වූ ආනකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

ඝාතනය සිදු කොට ඇත්තේ තෙලිප්පලේ මානසික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු වන අතර ඔහුගේ සාත්තු සේවකයා වශයෙන් සිටි පුද්ගලයාව මෙලෙස ඝාතනය කොට ඇත.

 

 

චාවකච්චේරිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසා තිබේ.

views

235 Views

Comments

arrow-up