චීනය දෙවුන්දරතුඩුවේ රේඩාර් පද්ධතියක් හදන්න ඉල්ලයි

ඉන්දියන් සාගර කලාපය තුළ ඉන්දීය නාවික හමුදාව සහ ඔවුන්ගේ උපාය මාර්ගික කටයුතු අධීක්‍ෂණය කිරීමේ සැලසුමක් ඇතිව ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑබද ප්‍රදේශයක චීනය විසින් රේඩාර් කඳවුරක් පිහිටුවීමට සැරසෙන පුවතක් වාර්තා වේ.
මෙම රේඩාර් පද්ධතිය මගින් අන්දමන් සහ නිකොබාර් දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාත්‍රාවල චලනය නිරීක්ෂණය කළ හැකි බවට සඳහන් වන අතර, මෙමගින් මේ කලාපය පුරා පැතිරුණු ඉන්දියාවේ උපාය මාර්ගික කටයුතු වලට මහත් බලපෑමක් එල්ලවීමට ඉඩක් පවතින බව වාර්තා වේ.
එසේම මෙම රේඩාර් පද්ධතිය මගින් දෙවුන්දරතුඩුවේ සිට කිලෝමීටර් 1,700 ක් නිරිත දෙසින් පිහිටි දූපතක් වන ඩියාගෝ ගාර්ෂියාහි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරේ චලනයන් ද නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ද පවතින බවට පැවසෙන අතර, මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය කුමක්දැයි මෙතෙක් වාර්තා වී නොමැත.
චීනය වෙත ඇති දැඩි ණයගැතිභාවය නිසා මෙවැනි විදේශ අතපෙවීම් වලින් මිදෙන්නට ශ්‍රි ලංකාවට හැකියාවක් නොමැති බවට දෙස් විදෙස් විශ්ලේෂකයින් පහදා සිටින අතර, දිනෙන් දින වර්ධනය වන ආසියානු කලාපයේ බලවතුන් දෙදෙනාගේ සීතල යුද්ධයට ශ්‍රී ලංකාවද මැදිවෙමින් තිබෙන බව වත්මන් ප්‍රවණතාවන් පිළිබඳ සලකා බැලීමේදී පෙනී යයි.
219 Views
Comments