SEP
05
චීන සබඳතා පළුදු උනේ මෙහෙමයි - මහින්ද අමරවීර

චීනය සමඟ පැවති හොඳ හිත පළුදු වීමට ප්‍රධානම හේතුව චීන පොහොර නෞකාව සම්බන්ධ ගැටලුව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ මෙම සිද්ධියේ වගකීම කාට පැවරුණ ද මෙහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ රටට බවයි.
මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් විධිමත් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
222 Views
Comments