පෙම් පළහිලව්ව දිග්ගැස්සී නවපොළකට පිහියෙන් ඇන 15 හැවිරිදි සිසුවිය මරලා - අවුරුදු 17ක තරුණයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

පෙම් පළහිලව්ව දිග්ගැස්සී නවපොළකට පිහියෙන් ඇන 15 හැවිරිදි සිසුවිය මරලා - අවුරුදු 17ක තරුණයා අත්අඩංගුවට

පෙම් පළහිලව්ව දිග්ගැස්සී නවපොළකට පිහියෙන් ඇන 15 හැවිරිදි සිසුවිය මරලා - අවුරුදු 17ක තරුණයා අත්අඩංගුවට

පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර සිටි 15 හැවිරිදි සිසුවියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලටත් ඉන් අනතුරුව දඹුල්ල රෝහලටත් රැගෙන යන අතරතුර මරණයට පත්ව ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.

 

මෙම සිසුවියගේ ශරීරයේ ස්ථාන 09කට පිහි ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කන්තලේ අග්බෝපුර පේරමඩුව ගම්මානයේ පදිංචිව සිටි නවරත්න පතිරණලාගේ කාව්‍යා පතිරණ නමැති පාසල් දැරියකි.

 

ඇයට මෙම පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 01 වැනිදා කන්තලේ අග්බෝපුර පේරමඩුව ප්‍රදේශයේදී වන අතර පෙම් සබධතාවයක් මෙම පිහි ඇනුමට හේතුවවී ඇතැයි පොලිසිය කියයි.

 

අදාල දැරිය පිහි ඇනුමට ලක්ව මුලින්ම කන්තලේ රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු ඇයව සාමාන්‍ය වාට්ටුවකට යොමුකර ඇත. 

 

කෙසේ වුවත් පසුව ඇයව කෑගල්ල රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීහු පියවර ගෙන ඇත.

 

කෑගල්ල රෝහලට රැගෙන ගිය සිසුවිය දඹුල්ල රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. එලෙස ඇයව දඹුල්ල රෝහල කරා රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි අග්බෝපුර පොලිසියේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

 

මේ අතර, ඝාතනයට ලක්වූ සිසුවිය සම්බන්ධයෙන් සිදුකළ කොවිඩ් 19 පරීක්‍ෂණවලදී ඇයට කොවිඩ් ආසාදිත බවට හෙළිවී ඇතැයිද හෙතෙම කීය.

 

මියගිය දැරියගේ සහෝදරියක් මෙලෙස කීවාය.

 

“කන්තලේ ඉන්නකොට නංගිට කරපු පරීක්‍ෂණය නෙගටිව් කිව්වා. දැන් පරීක්‍ෂණවලින් කියනවා පොසිටිව් කියලා. නංගි පොසිටිව් නිසා දේහය දෙන්න බැහැලූ. නංගිගේ දේහය පිච්චුවාට පස්සේ කොහොමද පරීක්‍ෂණ කරන්නේ. අපි දැන් අසරණ වෙලා ඉන්නේ.”

views

752 Views

Comments

arrow-up