මගුල් ගෙදරක ගිහින් එද්දී පොලීසියේ දෙපිරිසක් මහ රෑ මහ පාරේ ගුටිකෙළියක

විවාහ මංගල උත්සවයකට සහභාගි වී පෙරළා එන ගමනේ දී පොලිස් නිලධාරීන් පිරිසක් වරකාපොල ප්‍රදේශයේදී ඇණ කොටා ගැනීමෙන් නිලධාරීන් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
වරකාපොළ මහා මාර්ගයේ දී ඇති වී තිබෙන මෙම ගැටුම පාරේ ගමන් ගත් අයෙකු විසින් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද දැනුම්දීමකින් පසුව වරකාපොල පොලිස් නිලධාරීන් පැමිණ ගැටුම සමථයකට පත්කර ඇතැයි කියති.
ගැටුමට මැදි වූ නිලධාරීන් බීමත්ව සිට ඇතැයිද පැවසේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේත් පොලිස් පිරිස් පාලන අංශයේ ගම්පහ හා හලාවත පොලිස් කොට්ඨාස වලත් නිලධාරීන් ගැටුමට මැදි වී ඇති අතර ඒ පිරිස අතර සිටි නිලධාරීන් දෙදෙනෙකුද රථවාහන අංශවල ස්ථානාධිපතිවරුන් බව අනාවරණ වී තිබේ.
තුවාල ලබා ඇත්තේ රථවාහන අංශයේ නිලධාරීන් බව කියති. බීමත්ව ඇති වූ වචන හුවමාරුවක් ගැටුමට ඉවහල් වී ඇතැයි වාර්ථාවේ.
රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයෙකුට අයත් මොන්ටෙරෝ රථයකින් මොවුන් මිතුරාගේ විවාහ උත්සාහයට සහභාගී වී තිබේ.
1000 Views
Comments