FEB
01
තියුණු ආයුධයකින් ඇන තරුණයෙක් ව ඝාතනය කෙරේ

මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදු වු බරපතළ තුවාල හේතුවෙන් කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය සිදු කරයි.
706 Views
Comments