වැස්සත් සමඟ ඩෙංගු යළි හිස ඔසවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

වැස්සත් සමඟ ඩෙංගු යළි හිස ඔසවයි

වැස්සත් සමඟ ඩෙංගු යළි හිස ඔසවයි

මෙම මාසයේ ගතවු දින කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

 

එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ මේවනවිට දෛනිකව ඩෙංගු රෝගීන් 100 ක් පමණ හඳුනා ගැනෙන බවයි.


පවතින වැසි තත්ත්වයත් සමග මෙරටින් හඳුනා ගැනෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ

 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63000 කට අධිකයි

views

263 Views

Comments

arrow-up