බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ බුලත්විට හපා කෙලගැසුවොත් දඩ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ බුලත්විට හපා කෙලගැසුවොත් දඩ

බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ බුලත්විට හපා කෙලගැසුවොත් දඩ

ඌව පළාතේ අග නගරය වන බදුල්ලේ මධ්‍යම බස් නැවතුම්පොල බුලත්විට හපා කෙලගැසීමෙන්ද බුලත් සමග හුනු බිත්තිවල ඇතිල්ලීමෙන්ද බෙහෙවින්ම අපවිත්‍ රවී ඇති අතර එය මහජන සෞඛ්‍යයටද තර්ජනයක් වී තිබේ.

 

 

 

මේ තත්වය මීට අමතරව පොදු වෙළදපොල ස්ථානවලදි දැකිය හැකිය. 

 

 

අනාවරණය වී තිබෙන්නේ බදුල්ල බස් නැවතුම් පොලේදි ඇතැම් පාසැල් සිසුන් පුවක් හා දුම්කොල පමණක් කැමට පුරුදුවී සිටින අතර ඔවුන්ද මෙසේ කෙල ගසන බවයි.

 

 

 

පොලිසිය හා මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළේ බස්නැවතුම් පොලේ බුලත් කෙල ගැසීම හා හුනු ඇතිල්ලීම තහනම් කල බවයි.

 

 

 

බදුල්ල පොලිසිය හා එක්ව බදුල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙන්නේ බුලත් කෙල ගසන සහ හුනු අතුල්ලන අය අත්අඩංගුවට ගැනීමටයි.

 

 

 

වාර්තා වන්නේ ඉකුත් සතියේ මෙවැනි පුද්ගලයන් 15 දෙනෙක් නිතියේ රැහැනට හසුකරගෙන ඇති අතර වරදපිළිගත් සැකකරුවන්ට අධිකරණය මගින් රුපියල් දඩ නියම කළ බවයි.

 

 

 

views

296 Views

Comments

arrow-up