ඇපල් සමාගමට චීනයෙන් චෝදනා

අමෙරිකානු එක්සත් ජනපදය සහ චීනය ලෝකයේ අංක 01 සහ 02 ආර්ථිකයන් හිමි රටවල් වන අතර වෙළෙඳ යුද්ධයේ නවතම පියවර ලෙස චීන රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඇපල් දුරකථන භාවිතය අත්හරින ලෙස නියෝග කිරීම හඳුනාගත හැකිය.
එය කෙතරම් බලපෑමක් සහිත පියවරක් ද කිවහොත් එම පුවතත් සමඟ ඇපල් සමාගමේ කොටස් මිල 3%කින් පමණ පහත වැටී තිබෙන බව වාර්තා වේ.
එලෙස පසුගිය නොවැම්බරයෙන් පසු ඇපල් සමාගමේ කොටස් මිල විශාල ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ආර්ථික විශේලේෂකයෝ පෙන්වා දෙන්නේ චීනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන ඇපල් සමාගමට ද එවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවීම බරපතළ තත්ත්වයක් ලෙසයි.
ඇපල් මව් සමාගමේ කොටස් පමණක් නොව චීනය හා සම්බන්ධ ඇපල් සමාගමේ සැපයුම් ජාලයේ සමාගම්වල කොටස් ද මෙලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.
කුවල්කොම් (QUALCOMM) එවැනි සමාගමක් වන අටහ්‍ර එහි කොටස් මිල 7.2%කින් පහත වැටී තිබේ.
චීනය ඇපල් ජංගම දුරකථවලට තීරණාත්මක වෙළෙඳපොළක් වන අතර, ඇපල් නිෂ්පාදන කේන්ද්‍රය ද වන චීනය, එහි දුරකථන අලෙවි ආදායමෙන් පහෙන් එකකට දායක වේ.
සඳහන් වන්නේ ඇපල් දුරකථවලට පැනවුණු තහංචි නිසා අනෙකුත් සමාගම් සිය ස්මාට් ජංගම දුරකථන චීන වෙළෙඳපොළට වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට පෙළඹී ඇති බවයි.
වාර්තා වන්නේ ඇපල් සමාගම ඉදිරි සතියේ සිය 'අයිෆෝන් 15' (I PHONE 15) සහ නව ස්මාට් වොච් පෙළ එළිදැක්වීමත් සමඟ දුරකථනවල අලෙවි වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
337 Views
Comments