අත්තනගලු ඔයේ ගිලී වේයන්ගොඩ යුවලක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

අත්තනගලු ඔයේ ගිලී වේයන්ගොඩ යුවලක් අතුරුදන්

අත්තනගලු ඔයේ ගිලී වේයන්ගොඩ යුවලක් අතුරුදන්

විවාහපේක්ෂිතව සිටි යුවලක් ඊයේ (07) අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වී තිබේ.

 

වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

අතුරුදන් වූ යුවල සොයා, වේයන්ගොඩ පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන්, යුද හමුදාව හා නාවික හමුදාව එකව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

 

views

298 Views

Comments

arrow-up