SEP
25
මොඩර්නා විදේශගත වෙන අයට පමණයි - යුද හමුදාපති කියයි

යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන එන්නත් කරන්න මධ්‍යස්ථාන වල දී ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන්ට පමණක් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මෙලෙස එන්නත ලබා ගැනීමට නම් තමා විදේශගත වන බව තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බව වැඩිදුරටත් යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා.
කෙසේ වෙතත් මොඩර්නා එන්නත ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණීමත් සමග අද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූවා.
783 Views
Comments