එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුවූ හානි නැවත ගණනය කිරීම සඳහා පියවර

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය යළි ගණනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු සීමාවට සිදුවු හානිය ගණනය කර ඇති අතර ඉන් පසු එහි ගණනය කිරීමක් සිදු වී නොමැති බව සඳහන් වේ.
මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවු හානිය ගණනය කිරිම ආරම්භ කර ඇති අතර එහි නව ගනණය කිරීම්වලින් පසුව දැනට හානි පූර්ණ වන්දිය ලෙස තක්සේරු කර ඇති ඩොලර් බිලියන 6.5කට ආසන්න මුදල තවදුරටත් ඉහළ යා හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ ය.
247 Views
Comments