කෑගල්ල හිටපු SSP යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

කෑගල්ල හිටපු SSP යළි රිමාන්ඩ්

කෑගල්ල හිටපු SSP යළි රිමාන්ඩ්

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු සැකකරුවන් හතර දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

 

මෙම සිද්ධිය සඳහා තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා කීර්තිරත්න මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ලබන මස දොළොස්වෙනි විභාගයට ගැනීමටද(30) අභියාචනාධිකරණය අද දැනුම් දී තිබෙනවා.

 

ඒ අනුව අදාළ පෙත්සම් වලට විරෝධතා ඇත්නම් ලබන මස 8 වනදා ගොනු කරන ලෙසද අධිකරණය වගඋත්තර පාර්ශවකරුවන් වෙත නියෝග කර තිබෙනවා.

views

284 Views

Comments

arrow-up