පෙට්‍රල් පිළිස්සුම් අනතුරු වාර්තාගත ලෙස ඉහළට

ලිප මෙලවීම සඳහා භූමිතෙල් වෙනුවට පෙට්ටල් භාවිතා කිරීමෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන් සියයට පනහකින් වැඩි වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.
මේ දිනවල පෙට්‍රල් පෝලිම්වල සිටිමින් වාහන වලට ලබා ගන්නා තෙල් නිවාස තුල ගබඩා කොට තැබීමෙන් මෙවන් අනතුරුදායී තත්වයක් හටගෙන ඇති බවත් ඒ මහතා කීවේය.
පෙට්‍රල් සමඟ ගනුදෙනුව ලේසියි පහසු නොවන බවත් අවදානම ඉතා ඉහළ බවත් කී ඒ මහතා පෙට්‍රල් වාෂ්ප වී ඒවා එකතු වී තිබූ මොහොතක ක්ෂණිකව ගිනි ගැනීමේ හැකියාවක්ද පවතින බවද කියා සිටියේය.
274 Views
Comments