කොන්සියුලර් සේවා සීමා කරයි

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් 2022 ජූනි 30 වනදා සිට 2022 ජූලි 10 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලද ඇතුලුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයෙන් ජනතාවට සේවා සපයන බවට වාර්තා වේ.
හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.
·කොන්සියුලර් කටයුතු අංශය- කොළඹ- [email protected]
·ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය- යාපනය- [email protected]
·ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මාතර- [email protected]
·ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මහනුවර- [email protected]
·ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය -ත්‍රිකුණාමලය - [email protected]
·ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - කුරුණෑගල- [email protected]
222 Views
Comments