12 හැවිරිදි සිසුවා සිසුවියන් 04 දෙනෙකුව බ්ලේඩ් එකකින් කපා දමලා

ගාල්ල ජනප්‍රිය පාසලක හත් ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවෙකු විසින් යාබද බාලිකා විදුහලේ සිසුවියන් හතර දෙනකු “බ්ලේඩ්” එකකින් කපා තුවාල සිදුකර ඇති බව ගාල්ල පොලිසිය කියයි.
වයස අවුරුදු 09, 12 සහ 15 වයස්වල සිසුවියන් හතරදෙනකුට මෙලෙස තුවාල සිදුකර තිබේ. එක් සිසුවියකගේ අතට මැහුම් දැමීමටත් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ පාසලේ විද්‍යාගාරයේ ක්‍රියාකාරකමට වධ මලක් සහිබ්ලේඩ් එකක් ගෙන එන ලෙස ගුරුවරයා පවසා ඇති බවයි.
ඒ අනුව සිසුන් විසින් ඒවා ගෙනැවිත් විද්‍යාගාරයේ ක්‍රියාකාරකම් අවසන් වීමෙන් පසුව පාසල ඇරී යන විට “බ්ලේඩ්” එකෙන් සිසුවියන් කැපීමට සිසුන් තිදෙනකු එක්ව කතා කර ගෙන ඇත.
ඒ අනුව පාසල නිමාවී යන අවස්ථාවේදී අනෙක් සිසුන් දෙදෙනා මගහැර ගොස් ඇති අතර මෙම සිසුවා පමණක් සිසුවියන් හතරදෙනෙකුගේ අත් බ්ලේඩයකින් කපා දුවගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙම සිසුවා තවමත් දොළොස් හැවිරිදි වියේ පසුවන නිසා කරාපිටිය රෝහලේ බහු විෂය කමිටුවට ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
437 Views
Comments