පසුගිය මාස කිහිපයේ ආගිය අතක් නැති කාන්තාවන් 1500ක් ගැන පොලීසියට තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

පසුගිය මාස කිහිපයේ ආගිය අතක් නැති කාන්තාවන් 1500ක් ගැන පොලීසියට තොරතුරු

පසුගිය මාස කිහිපයේ ආගිය අතක් නැති කාන්තාවන් 1500ක් ගැන පොලීසියට තොරතුරු

පසුගිය මාස කිහිපය තුළ ආගිය අතක් නොමැති කිසිදු තොරතුරක් අනාවරණය නොවූ කාන්තාවන් 1500ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. 

 

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ නීත්‍යානුකූල විවාහය අතහැර ගිය කාන්තාවන්ද ඒ අතර වන බවයි.

 

සමහර කාන්තාවන් විදෙස්ගත වී ඇති බවටද පොලීසිය සැකපළ කරයි.


 
සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණයට අදාළව මෙම තොරතුරු අනාවරණ වී තිබේ. 

 

එම කාන්තාවද පසුගිය 29 වනදා සිට අතුරුදන්ව සිට ඇති බවට වාර්තා විය.

views

721 Views

Comments

arrow-up