අනතුරකදී විෂ මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇත්දැයි සොයන අලුත්ම වෛද්‍ය පරීක්ෂණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

අනතුරකදී විෂ මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇත්දැයි සොයන අලුත්ම වෛද්‍ය පරීක්ෂණය

අනතුරකදී විෂ මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇත්දැයි සොයන අලුත්ම වෛද්‍ය පරීක්ෂණය

දිවයිනපුරා සිදුවන බස්රථ අනතුරු ඇතුළු අනෙකුත් මාරක රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවල රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර විෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇත.

 

 

මේවන විටත් මාරක රිය අනතුරකදී මත්පැන් පානය කොට ඇතිදැයි යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂාවක් සිදු කෙරේ 

 

 

නමුත් ඉන් විෂ මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇතිදැයි යන්න පරික්ෂා කළ නොහැකි හෙයින් විෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට මෙලෙස  ආරම්භ කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය

 

 


මාරක රියඅනතුරු අවම කර ගැනීම සඳහා මෙම ක්‍රමවේදය හදුන්වා දීම වෙනුවෙන් මෙම සාකච්ඡාවන් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේය.

 

 

views

271 Views

Comments

arrow-up