කාත්තන්කුඩියේදී පොර කුකුළන්ගේ ප්‍රදර්ශනයක්

පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ සමස්ත ශ්‍රී ලංකා පොර කුකුළන් ඇති කරන්නන් ගේ සංගමය විසින් ශ්‍රී ලංකා පොර කුකුළන් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබූ බව වාර්තා වේ.
ලාභයක් ලබා ගැනීමට මෙන්ම, විනෝදාස්වාද වැඩසටහනක් ලෙසත් සංවිධානය කර තිබු මෙය, මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ විරෝධී ක්‍රියාවලින් තරුණ පරපුර මුදා ගැනීම සඳහා සංවිධානය කර තිබුණේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දීය.
දිවයින පුරා සිටින පොර කුකුළන් ඇති කරන්නන් 45 කට අධික සංඛ්‍යාවක ගේ කුකුළන් හැටක් මේ සඳහා සහභාගි කර ඇති බව සඳහන් වේ.
191 Views
Comments