දැරියකට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

දැරියකට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

දැරියකට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

13 හැවිරිදි දැරියකට අතවර කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වන ගුරුවරයෙකි.

 

සැකකාර ගුරුවරයා විසින් දැරියව පොත් රාක්කයක් අසලට යවා මෙලෙස අතවරයට ලක්කර ඇති බව අනාවරණය වී තිබේ.

 

උපකාරක පන්තිය අවසානයේ සිය පියාට දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පැවසීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම අවස්ථාවේ දැරිය විසින් ගුරුවරයා දැඩි ලෙස සීරීමට ලක්කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

 

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර අද (1) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

පානදුර දකුණ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

views

703 Views

Comments

arrow-up