තෙල් නැව් සඳහා කබ්රාල්ගෙන් ඩොලර්

මුහුදේ නැංගූරම්ලා ඇති ඉන්ධන නෞකා දෙකෙහි ඉන්ධන නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාවය පළකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම විදුලිබල මණ්ඩලයෙන්, බලශක්ති අමාත්‍යාංශයට ගෙවීමට ඇති ණය මුදල් පියවීමට අවශ්‍ය පියවර ගැනීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
629 Views
Comments