නව ජන හා නිවාස සංගණනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

නව ජන හා නිවාස සංගණනයක්

නව ජන හා නිවාස සංගණනයක්

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මෙම වසරේ දී සහ එළඹෙන වසරේ දී පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මෙම සංගණනය 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එහි සැලසුම් කටයුතු වලට බලපෑම් එල්ල වී තිබුණා.

මේ අනුව සංගණන කාණ්ඩ පිළිබඳ විස්තර තහවුරු කිරීම, සංගණන කවයන් වෙන් කිරීම, උපදෙස් අත්පොත් සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම, සංගණන තොරතුරු කාඩ් පත මුද්‍රණය කිරීම, සංගණන ලේබල් මුද්‍රණය කිරීම ඇතුළු ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකර අවසන්.

views

255 Views

Comments

arrow-up