කොළඹ අවටින් නව කොරෝනා අනු ප්‍රභේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

කොළඹ අවටින් නව කොරෝනා අනු ප්‍රභේදයක්

කොළඹ අවටින් නව කොරෝනා අනු ප්‍රභේදයක්

කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශය පවසා සිටිනවා.

කොරෝනා රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී සාම්පල විස්සක තිබී මෙම අණු ප්‍රභේදය හමුවී ඇති බවයි එම අංශයේ ප්‍රධානි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටියේ.

එය Omicron B 5 A අනු ප්‍රභේදය වන අතර මෙම වෛරසය ශීඝ්‍රයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

253 Views

Comments

arrow-up