භරණගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 26 වැනිදා විදුලි සැර වැදීමෙන් මරණයට පත්වී තිබූ කලාවැව භරණ හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
ඒ අනුව හස්තියාට මරු කැඳවූ බව කියන අනවසර විදුලි වැටට විදුලිය ලබා දුන් බව කියන නිවසේ හිමිකරු ද විදුලි සැර වැදීමෙන් හස්තියා මිය ගිය පසු එම ස්ථානයේ තිබූ අනවසර විදුලි කම්බි ගලවා ඉවත් කිරීමට එක්වූ බව කියන පුද්ගලයකු ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ මොහොතේ සැඟව පලාගිය බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.
අදාළ සැකකරු පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන අයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් අද(30) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බවද නිළධාරීන් පවසා සිටියා.
අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් අද කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
239 Views
Comments