ජුනි මාසයේ සංචාරක පැමිණීම ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ජුනි මාසයේ සංචාරක පැමිණීම ඉහලට

ජුනි මාසයේ සංචාරක පැමිණීම ඉහලට

මෙම වසරේ මේ මාසයට සාපේක්ෂව ජූනි මාසය තුළදී සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවල සඳහන් වනවා.

ඒ අනුව මැයි මාසයේදී සංචාරකයන් 30,207ක් මෙරටට පැමිණි අතර ජුනි මාසය අවසන් වන විට එය 32856ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එනම් එම මාසය තුළ සංචාරකයන් 2649කින් වැඩි වී තිබෙනවා.

ජුනි මාසය තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය වැනි රටවල් නියෝජනය කරමින් වැඩි වශයෙන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් පෙර වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී ජුනි මස සංචාරක ඉපයීම ඇමෙරිකානු ඩොලර් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි මහබැංකුව ප්‍රකාශ කර සිටින්නේ.

views

277 Views

Comments

arrow-up