පොහොට්ටුව ජනපති රනිල්ට කොන්දේසි දැමීම අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

පොහොට්ටුව ජනපති රනිල්ට කොන්දේසි දැමීම අරඹයි

පොහොට්ටුව ජනපති රනිල්ට කොන්දේසි දැමීම අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී පසුව තමන් ස්වාධීන වූ බව කියන කිසිවෙකුට පොහොට්ටුවේ අනුමැතියකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවේ තනතුරු සහ පිළිගැනීම ලබා නොදිය යුතු බව පොහොට්ටුව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

 

එහෙත් එම ස්වාධීන මන්ත්‍රීන් සමඟ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන තම පක්ෂය විරෝධය නොදක්වන බවත් පොහොට්ටුව කරන ලද දැනුම්දීමේ සඳහන් බව පැවසේ.

 

මේ පිරිස පොහොට්ටුවෙන් මන්ත්‍රීධුර ලබාගෙන පසුව තමන්ගේ අභිමතය පරිදි ස්වාධීන වූ බව ප්‍රකාශ කරන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගත් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

views

276 Views

Comments

arrow-up