ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීමට නව කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීමට නව කමිටුවක්

ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීමට නව කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුං, විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම් සී ෆර්නෑන්ඩු, හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකු මෙම කමිටුවට නම් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

මේ අතර මෙම කමිටුව මසක් ඇතුළත විවිධ සංවර්ධන ආයතන වල තාක්ෂණික සහය සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබාදීමට නියමිතයි.

views

274 Views

Comments

arrow-up